ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, පොලිසිය සහ කොළඹ මහා නගර සභාවේ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් උළෙල 2026 හෙට (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. මෙරට ප්‍රධාන සංස්කෘතික හා සංචාරක උත්සවයක් වන මෙවර උළෙල සඳහා විදේශ රටවල් 30කින් ජාත්‍යන්තර ක්‍රීඩකයින් 80 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 1,500කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.පස්වරු 1.00 සිට ආරම්භ වන ප්‍රධාන සරුංගල් ප්‍රදර්ශනයෙන් අනතුරුව, මෙරට ප්‍රථම වතාවට ආලෝකමත් කළ සරුංගල් සහිත රාත්‍රී සරුංගල් සංදර්ශනයක් පස්වරු 6.30 සිට පැවැත්වේ. ඊට අමතරව ‘Avatar’ සංගීත කණ්ඩායම සහ ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගය මෙන්ම, ෂන්ග්‍රි-ලා හෝටලය ඉදිරිපිට පැවැත්වෙන දෙරණ ආහාර උළෙල ද රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක වනු ඇත.පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා වසර 7ක් නතර වී තිබී පසුගිය වසරේදී නැවත ආරම්භ වූ මෙම වැඩසටහනට සමගාමීව, ළමුන් සඳහා සරුංගල් නිර්මාණ වැඩමුළු, පැරණි වාහන පෙළපාලියක් සහ වරාය නගරයේදී රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙනුවෙන් පැවැත්වූ විශේෂ අංගයක් ද ඇතුළත් විය. විදේශීය නියෝජිතයන් මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට යාමට ද සැලසුම් කර ඇති අතර, මෙම සමස්ත උත්සව මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.



























