කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් (Co-operative Leasing Company Limited) ආයතනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලැස්මට අනුගත වීමට අපොහොසත් වීම, අදාළ මූල්‍ය විධානයන් අඛණ්ඩව පැහැර හැරීම සහ ව්‍යාපාරික ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත.මෙම පියවරත් සමඟ අදාළ ආයතනයට නව කල්බදු මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නිරත වීමට ඇති නීතිමය අවසරය අහිමි වන නමුත්, මීට පෙර ආරම්භ කරන ලද ගනුදෙනු සඳහා මෙයින් බාධාවක් සිදු නොවේ. එබැවින් මෙම සමාගම සමඟ අලුතින් මූල්‍ය ගනුදෙනුවලට එළඹීමේදී අවධානයෙන් පසුවන ලෙස මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

























