අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තු මත සැඟවී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල, ඉහළ හේරැස්ස ප්‍රදේශයේ පිහිටි ලේනගිරි ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියදී උන්වහන්සේ මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.විවිධ නඩු කටයුතු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි. ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් විසින් අදාළ ආරණ්‍ය සේනාසනය පරීක්ෂා කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.



























