ගල් අඟුරු වංචාවේ විත්තිකරු රජයයි – පාඨලී චම්පිකගෙන් කොමිසමට පැමිණිල්ලක්

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීතිඥ කණ්ඩායමක් සමඟ ගල් අඟුරු කොමිසම හමුවට පැමිණ විශේෂ පැමිණිල්ලක් සහ දිවුරුම් ප්‍රකාශයක් භාර දී තිබේ. මෙහිදී ඔහු අවධාරණය කළේ ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට එරෙහිව මුලින්ම කරුණු අනාවරණය කළේ තමන් ඇතුළු පිරිස බවයි. මෙම ක්‍රියාවලිය තුළ තමන් පැමිණිලිකරු ලෙස පෙනී සිටින අතර රජය මෙහි ප්‍රධාන විත්තිකරු විය යුතු බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.​ටිල්වින් සිල්වා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම කරුණු වාර්තා කළ බව පැවසූ රණවක මහතා, ඇතැම් විට සැබෑ පැමිණිලිකරුවන් වරදකරුවන් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය හැකි බවට ද සැක පළ කළේය. එසේම පවතින කාලගුණික තත්ත්වය මත පුත්තලම ප්‍රදේශයට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අඩාල වී ඇති බවත්, මේ පිළිබඳව තමන් කලින්ම අනතුරු ඇඟවූ බවත් ඔහු මෙහිදී මතක් කර දුන්නේය.​නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් ගල් අඟුරු වෙනුවට ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට රජයට සිදු වී ඇති බවත්, ඒ සඳහා මේ වන විට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින තත්ත්වය මත ජනතා මුදල් විශාල වශයෙන් නාස්ති වන බැවින් මේ පිළිබඳව විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් කඩිනමින් සිදු විය යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *