ගාල්ල ප්‍රදේශයේ කුරුඳු කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩසටහන යටතේ අවශ්‍ය උපකරණ තොගයක් ප්රදානය කරන ලදී.වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම සිදු විය. කුරුඳු වගාව ආශ්රිත නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ස්වයං රැකියා අවස්ථා පුළුල් කරමින් කර්මාන්තකරුවන් ආර්ථික වශයෙන් බලගැන්වීම මෙහි මූලික අරමුණයි.



























