2026 වසරේ මුල් මාස හතර ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී බීමත්ව සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියැදුරන් 2,836 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිකුත් කළ වාර්තාවලට අනුව, මෙම පිරිසෙන් 2,576 දෙනකු මත්පැන් පානය කර රිය පදවා ඇති අතර, ඉතිරි 260 දෙනා විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවා ඇති බව තහවුරු වී ඇත. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.පොලිස් කොට්ඨාස මට්ටමින් ගත් කළ වැඩිම වැටලීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල පොලිස් කොට්ඨාසයෙනි. එහිදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 1,704ක් වන අතර, ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් රියැදුරන් 872 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සිදුකළ මෙම මෙහෙයුම් හරහා මාර්ග අනතුරු අවම කිරීමටත්, විනයගරුක රියැදුරු පිරිසක් බිහිකිරීමටත් පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

























