ගාලුමුවදොර පැවැති සත්‍යග්‍රහයට අධිකරණ තහනමක් – අට්ටාල ඉවත් කෙරේ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබූ විරෝධතාවයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, අදාළ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා වෙත භාරදීමට පොලිසිය පියවර ගත්තේය.​”සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන” නමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවයට එක්වූ පිරිස ඊයේ සිට එම ස්ථානයේ රැඳී සිටියහ. අධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව, ගාලුමුවදොර ආසන්න මාර්ගයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *