චාමර සම්පත්ට එරෙහි පෙර පාසල් බෑග් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පෙර පාසල් සඳහා බෑග් ලබාදීමේ ව්‍යාපෘතියකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී බදුල්ල ලංකා බැංකු ශාඛාවේ නියෝජ්‍ය කළමනාකාරවරයා සාක්ෂි ලබා දුන්නේය. බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඊළඟ නඩු දිනයේදී පැමිණිල්ලේ 13 වන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *