ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මාලාවේ නිශ්චිත වගන්තියක් මෙලෙස යළි විධිමත් කර ඇත.මෙම සංශෝධිත ගැසට් පත්‍රයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වශයෙන් වසර විස්සක වෘත්තීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නීතිඥවරුන්ට ජනාධිපති නීතිඥ ධුරය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ. ඒ සඳහා සුදුසුකම් ලබන නීතිඥවරුන් අගෝස්තු මස 31 වැනි දිනට පෙර සිය අයදුම්පත් යොමු කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.























