ජල බිල්පත් ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් නැති බව අමාත්‍යවරයා පවසයි

ජල බිල්පත් ගාස්තු ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරි කාලසීමාව තුළ ජල ගාස්තු සංශෝධනය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජනතාවට බාධාවකින් තොරව පානීය ජල පහසුකම් සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද සඳහන් කළේය.​අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘වැඩකරමු රට හදමු’ යන තේමාව යටතේ පැවැති ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි. රට පුරා පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ඉදිරියේදී සුවිශේෂී ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.​මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහ ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් එක්ව සිටි අතර, ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ සේවක සුබසාධනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *