ජී. එල්. පීරිස්ගෙන් රජයට චෝදනා: “මාස පහකදී හත් වතාවක් තෙල් මිල ඉහළ දමලා”

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යමින් පවතින පසුබිමක, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව පසුගිය මාස පහ තුළ පමණක් හත්වතාවක් ඉන්ධන මිල ඉහළ දමා ඇති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා භාවිත කළ යුතු ඩොලර් සංචිත කෝටිපතියන්ගේ සුඛෝපභෝගී අවශ්‍යතා වෙනුවෙන් රජය වෙන්කර ඇති බවට චෝදනා කරන ඒ මහතා, පාකිස්තානය වැනි රටවල් ලෝක වෙළෙඳපොළේ වාසිය ජනතාවට ලබාදෙද්දී ලංකාව සියලු සහනාධාර කපා හරිමින් ජනතාව දැඩි පීඩනයකට ලක්කර ඇති බව ද අවධාරණය කළේය.​මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ මෑතකදී මෙරටට සුඛෝපභෝගී වාහන ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම නිසා දෛනික ඩීසල් සහ පෙට්‍රල් පරිභෝජනය ලීටර් දොළොස් ලක්ෂයකින් ඉහළ ගොස් ඇති බවයි. ඉන්ධන ආනයන ක්‍රියාවලියේදී සිදුවන බව කියන අක්‍රමිකතා රැසක් ද ඔහු මෙහිදී අනාවරණය කළේය. රජයේ ආර්ථික කළමනාකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් රටේ සමස්ත පාරිභෝගික ජනතාවට මෙලෙස අධික ජීවන වියදමකට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායකයන්ගේ අදහසයි.​ආර්ථික වර්ධනය පිළිබඳ මතය: මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නා විට සෘණ 17.2%ක්ව පැවති ආර්ථික වර්ධන වේගය 2024 වන විට ධන 5.3%ක් දක්වා ඉහළ නංවමින් ආර්ථිකය 22.5%ක දියුණුවක් කරා ගෙන ආ බවයි. වත්මන් පාලකයන් මුහුණ දී සිටින ආර්ථික පසුබෑම ඔවුන්ගේ නොහැකියාව මැනවින් පෙන්නුම් කරන්නක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,169

Leave A Reply

Your email address will not be published. Required fields are marked *