ජොන්ස්ටන්ගේ BMW රථ නඩුවේ අලුත්ම තොරතුරු එළියට

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී BMW මෝටර් රථයක් ළඟ තබා ගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ සිද්ධියේ වරද පිළිගන්නා බව ඔහුගේ නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.​අදාළ රථය කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලේ තිබී සොයාගෙන තිබූ අතර, එහි සඳහන් චැසි අංකයට අදාළ කිසිදු වාහනයක් මෙරටට නීත්‍යානුකූලව ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව තහවුරු කර ඇත. රජයේ විශ්ලේෂක පරීක්ෂණවලින් ද අනාවරණය වී ඇත්තේ මෙය නීතිවිරෝධී ලෙස සකස් කරන ලද්දක් බවයි.​එමෙන්ම මෙම වාහනයේ චැසි සහ එන්ජින් අංක, 2021 වසරේදී එංගලන්තයේදී සොරකම් කරන ලද වාහනයක තොරතුරුවලට සමාන වන බැවින් ඒ පිළිබඳව ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ. ජර්මනියේ නිෂ්පාදිත මෙම රථය මුලින්ම එංගලන්තයේ හිමිකරුවෙකුට අලෙවි කර තිබූ එකක් බවට ද සොයාගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *