ඥානසාර හිමිට නිදහස ඉල්ලා කෙරෙන පාගමන අද හතරවන දිනට

බරපතල සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස සහ උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීමට එරෙහිව ආරම්භ කරන ලද විරෝධතා පාගමන අද (13) හතරවන දිනටත් ක්‍රියාත්මක වේ.​කෑගල්ල නගරයෙන් ආරම්භ වූ මෙම පාගමන ඊයේ තෙවන දිනයට වරකාපොළ නගරයෙන් අවසන් වූ අතර, අද දින වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. පසුගිය 10 වැනි දින මහනුවර දළදා මාලිගාව අභියසින් මෙම පාගමන ආරම්භ විය.​මීට අමතරව, “මනුෂ්‍යත්වයේ, ආදරයේ, කරුණාවේ අත්සන” යන තේමාව යටතේ ඥානසාර හිමිට නිදහස ඉල්ලා දිවයින පුරා අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ වැඩසටහන අද පස්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *