අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට අදාළ වරෙන්තු මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (05) උදෑසන අභියාචනාධිකරණය වෙත කැඳවාගෙන එනු ලැබීය. උන්වහන්සේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (03) දින පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



























