ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මේ බව දන්වමින් ඔහු තේරීම් කමිටුව වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර තිබේ.​නායකත්වයේ වගකීම ඉදිරි පරම්පරාව වෙත පැවරිය යුතු කාලය එළඹ ඇති බව ඔහු විශ්වාස කරයි. කෙසේ වෙතත්, නායකත්වයෙන් ඉවත් වුවද සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් බව ධනංජය ද සිල්වා වැඩිදුරටත් තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *