සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බස් ලලිත්’ නැමැත්තා ඩුබායි සිට අද (25) දිනයේ දිවයිනට රැගෙන ඒමෙන් පසු පොලිසිය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාට ලැබුණු විශේෂ තොරතුරක් මත 2025 ඔක්තෝබර් 25 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති සැකකරු මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා වැඩිදුර ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 42 දෙනෙකු 2024 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, එවැනි තවත් සැකකරුවන් 109 දෙනෙකු මෙරටට රැගෙන ඒමේ කටයුතුද මේ වන විට සූදානම් කරමින් පවතී. මීට අමතරව, රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් 38 දෙනෙකුද මේ වන විට දිවයිනට ගෙනැවිත් ඇති අතර ඉදිරි දිනවලදී තවත් පිරිසක් රැගෙන ඒමට නියමිතය.පසුගිය වසර තුන තුළ නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 3,878කට අධික වත්කම් තස්පත් කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, 2024 වසරේදී රුපියල් මිලියන 1,549ක වත්කම් අත්පත් කරගත් අතර, 2025 වසරේදී තවත් රුපියල් මිලියන 1,549ක වත්කම් අත්පත් කරගැනීමේ මූලික කටයුතු සිදුකෙරිණි. මීට අමතරව, 2026 වසරේ මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ රුපියල් මිලියන 839ක වත්කම් හඳුනාගෙන ඇති අතර, මහාධිකරණ නඩු විභාගවල ප්‍රතිඵල මත මෙම සියලු වත්කම් රජයට පවරා ගැනීමට නියමිතය.



























