ඩෙංගු අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් විශේෂ මර්දන වැඩසටහන් ඇරඹේ

රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, හඳුනාගත් අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (13) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන මගින් අදාළ ප්‍රදේශවල මර්දන කටයුතු වඩාත් තීව්‍ර කිරීමට අපේක්ෂා කෙරේ.​ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ, හඳුනාගෙන ඇති මෙම අධි අවදානම් කලාපවලින් කලාප 23ක්ම බස්නාහිර පළාතේ පිහිටා ඇති බවයි. මෙම ප්‍රදේශවල පවතින රෝග අවදානම සැලකිල්ලට ගනිමින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු ප්‍රමුඛස්ථානයක ලා සිදු කෙරේ.​මෙම වසරේ මේ දක්වා කාලය තුළ රට පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47ක් ලෙස සටහන්ව තිබෙන බැවින්, රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මහජන සහයෝගය ද අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,233

Leave A Reply

Your email address will not be published. Required fields are marked *