ඩේසි ෆොරස්ට් සහ යෝෂිත රාජපක්ෂ සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ෆොරස්ට් නිදහස් කෙරේ

රුපියල් මිලියන 59කට අධික උපයාගත් ආකාරය සනාථ කළ නොහැකි තැන්පතු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඇය නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ. කොළඹ අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කරන ලද නිර්දේශ මත, නඩු කටයුත්තකට සහභාගී වීමට ඇයට සුදුසු මානසික තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.​අද (03) දින මෙම නඩු කටයුතු සඳහා නඩුවේ විත්තිකරුවන් දෙදෙනාම වන ඩේසි ෆොරස්ට් සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා තමා ඊට නිවැරදි බව ප්‍රකාශ කළේය.​ඉන් අනතුරුව, අදාළ නඩුකරයේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 2 වැනි දින පැවැත්වීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *