ලබන නොවැම්බර් 2 වනදා සිට ක්රියාත්මක වන පරිදි සියලුම බැංකු සහ මුල්ය ගනුදෙනු සඳහා පුද්ගලික බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නොවැම්බර් 1 වනදා සිට බලාත්මක වන නව රෙගුලාසිවලට අනුකූලව මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක නන්දන කුමාර මහතා ප්රකාශ කළේය.ඒ අනුව ඉදිරියේදී නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ යම් යම් මූල්ය ගනුදෙනු සිදු කිරීමේදී අදාළ TIN අංකය ඉදිරිපත් කිරීමට ජනතාවට සිදුවනු ඇත.



























