ඩොලර් ලක්ෂ 25ක භාණ්ඩාගාර මූල්‍ය වංචාව ගැන සෙවීමට පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වෙයි

ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක (මිලියන 2.5) මුදලක් බාහිර පාර්ශ්වයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහා භාණ්ඩාගාරයේ විශේෂ වාර්තාව සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙට (08) රැස්වීමට නියමිතය. රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු මතුකළ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් භාණ්ඩාගාර නිලධාරීන් සකස් කළ වාර්තාව දැනටමත් පාර්ලිමේන්තුවට භාර දී ඇත. ජාතික ධනය අනිසි ලෙස පිටස්තර පිරිසක් අතට පත්වීමෙන් රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සහ රාජ්‍ය ආයතනවල වගවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.​හෙට පැවැත්වෙන කාරක සභා රැස්වීමේදී අනාවරණය වන කරුණු පාදක කරගනිමින්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය පාලන පද්ධතියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජාතික ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් වූ මෙම සිදුවීම පිළිබඳව විනිවිදභාවයකින් යුත් කඩිනම් විමර්ශනයක් පවත්වා, එහි සත්‍ය තොරතුරු මහජනතාවට අනාවරණය කිරීමේ අවශ්‍යතාවය ද බලධාරීන් පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,177

Leave A Reply

Your email address will not be published. Required fields are marked *