තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක සැකකටයුතු ලෙස මියයෑමේ සිදුවීමට අදාළව කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා (OIC) වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට නීතියෙන් බේරී සැඟව සිටීම සඳහා මොහු උපකාර කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.​අපරාධයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන පුද්ගලයන්ට රැකවරණය දීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම උසස් පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *