දඹදෙණිය පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික දළදා මන්දිරයේ සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විහාරාධිපති පූජ්‍ය කඩවත්මඩුවේ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊට අදාළ මූලික නිරීක්ෂණ කටයුතු පසුගියදා සිදු කෙරිණි.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්‍යා හා රසායන සංරක්ෂණ අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය නිලධාරීන් මෙන්ම නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති හසිත රන්දික රත්නායක මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ දායක සභාවේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.මූලික පරීක්ෂණවලින් අනතුරුව දළදා මන්දිරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන අයුරින් විද්‍යාත්මක සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් ජාතික උරුමයන් සුරැකීම මෙන්ම සංස්කෘතික සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.



























