දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් අද සිට

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දින තුනක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (08) ආරම්භ කර තිබේ. අද සිට ඉදිරි දින තුනක් (ජූනි 08, 09 සහ 10) පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ දිස්ත්‍රික්ක 14ක පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක් කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.​ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබාගැනීමට කටයුතු යොදා ඇත. මෙහිදී ඩෙංගු බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අධි අවදානම් කලාප කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන අතර, මදුරුවන් බෝවන ලෙස පරිසරය අපිරිසිදුව තබාගන්නා පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලධාරීන් තීරණය කර තිබේ.​රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වන බැවින්, තමන් පදිංචි නිවාස සහ අවට වටපිටාව නිරන්තර පරීක්ෂාවට ලක් කරමින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දැමීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *