ශ්රී ලංකාව ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය බටහිර දෙසට වන්නට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතුණද, එහි බලපෑම හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ ප්රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර, වයඹ යන පළාත්වලට මෙන්ම අනුරාධපුරය සහ ගාල්ල යන දිස්ත්රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි තත්ත්වයක් ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී. මීට අමතරව මධ්යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, ඒ ඔස්සේ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



























