දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට දහවල් 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් සුළං හමා යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.​පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින්, ඒ හා සම්බන්ධ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කාලගුණික වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,192

Leave A Reply

Your email address will not be published. Required fields are marked *