දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි සහ තද සුළං

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.​මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ද ඇතුළුව ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය ඉහළ යා හැක. එහිදී පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර මට්ටමක තරමක තද සුළං වරින් වර හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *