දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ඉදිරි පැය කිහිපයේදී වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් කලාපවලට මෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගවත් තද සුළං ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.​මේ අතර මුහුදු ප්‍රදේශවල පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ. විශේෂයෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදු කලාප මෙන්ම, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු සීමාවන් ද විටින් විට බෙහෙවින් රළු විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *