බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල අද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, මඩකළපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මේ වන විට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික ස්වභාවයක් පවතියි. කෙසේ වෙතත්, උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.























