දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, දිවයිනේ සසු ප්‍රදේශ බොහොමයක ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.​මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුර සහ උතුරු-මැද පළාත් ඇතුළුව හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං වරින් වර ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,324

Leave A Reply

Your email address will not be published. Required fields are marked *