දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දකුණ, ඌව, රත්නපුර සහ අම්පාර යන ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පතිත විය හැක. වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,405

Leave A Reply

Your email address will not be published. Required fields are marked *