දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ද බලාපොරොත්තු විය හැක.​වැසි සහිත තත්ත්වයට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වන තද සුළං හැමීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු පළාත්වල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක මදක් තද සුළං වාර වරින් වර ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.​මේ හේතුවෙන්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි හදිසි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,206

Leave A Reply

Your email address will not be published. Required fields are marked *