සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි ඉදිරි පැය කිහිපයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම සබරගමුව පළාතට මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි පතනයක් අපේක්ෂා කෙරේ.මෙයට අමතරව උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ඇතුළුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං තත්ත්වයක් පැවතිය හැකිය. ප්‍රදේශ රැසක අහස වලාකුළින් බරව පවතින අතර, සුළගේ වේගය හදිසියේ ඉහළ යාමේ හැකියාවක් ද පවතී.ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අවස්ථාවලදී ඇතිවිය හැකි ප්‍රබල සුළං සහ අකුණු අනතුරුවලින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.



























