දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය බටහිර දෙසට ගමන් කරමින් පැවතියද, එහි බලපෑම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.​බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ, අනුරාධපුර සහ ගාල්ල යන ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැක. සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.​ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මධ්‍යම සහ ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැක.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *