දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (04) පස්වරුවේ සිට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම පස්වරු 1.00න් පසුව මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය විය හැක.​මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි පතිත විය හැකි බවට පුරෝකථනය කර ඇත.​ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං තත්ත්වයන් සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *