දිස්ත්‍රික්ක 8කට බලපාන පරිදි උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල පවතින දේශගුණික තත්ත්වය කෙරෙහි මහජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​මෙම ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව ද වත්මන් කාලගුණ අනාවැකි මඟින් සනාථ කර ඇත. මේ හේතුවෙන් දෛනික කටයුතුවලදී උණුසුම් දර්ශකයේ අගයන් පිළිබඳ සැලකිලිමත් වෙමින්, සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,228

Leave A Reply

Your email address will not be published. Required fields are marked *