රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීම් ඔක්තෝබර් 27 වනදා පස්වරු 4:00 සිට ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව දක්වා තිබේ.මේ අතරින් කළුතර (බුලත්සිංහල, දොඩංගොඩ), නුවරඑළිය (අඹගමුව කෝරළේ, නෝර්වුඩ්) සහ රත්නපුර (කුරුවිට, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත, ඕපනායක) යන දිස්ත්රික්කවල ඇතැම් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මට්ටම 3 (රතු) යටතේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. එම ප්රදේශවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස උපදෙස් දී තිබේ.මීට අමතරව ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට මට්ටම 2 (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම්ද, කොළඹ, ගාල්ල, මාතර ඇතුළු අනෙකුත් ප්රදේශ සඳහා මට්ටම 1 (සැලකිලිමත් වන්න) යටතේ නායයාමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.



























