දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති පැය 48ක වැඩ වර්ජනයක් හේතුවෙන් ඇතැම් ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.කෙසේ වෙතත්, මගීන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද සවස් කාලයේදී ද අදාළ දුම්රියන් ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ප්‍රවේශපත්‍ර ලබාගැනීමට අපහසු මගීන් සඳහා අන්තර්ජාලය සහ ‘Pravesha’ ජංගම යෙදුම ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.



























