දෙහිවලදී වෙඩි තැබීමක්

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මත්කුඩු ජාවාරම්කරුවෙක් වන තරිඳු ලක්ෂාන් නැමැති වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීම හේතුවෙන් තරිඳු ලක්ෂාන් නැමැත්තා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *