2022 අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ අනුරුද්ධ බණ්ඩාර නමැත්තා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම හරහා අදාළ තරුණයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අධිකරණය තීරණය කර ඇත.පැමිණි පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දිගින් දිගටම විමර්ශනය කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනයට එළඹ තිබේ.























