නව කතානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සිය සුබාශිංසන පුද කරන බවත් කතානායකවරයා ලෙස වැදගත් වගකීම් රැසක් ඔහු සතු බවත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට 225 දෙනාගේම මහජන සේවාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාවන් හීදී ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරිමට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කතානායකවරයා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම නව කතානායකවරයාගේ වගකීම හා කාර්යභාරය ව්‍යවස්ථානුකුලව, නියමානුකූල ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *