අඹතලේ සිට කොලොන්නාව දක්වා දිවෙන ප්රධාන ජල සැපයුම් නළයක හදිසියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ අද (05) දින රාත්රී 8.00 දක්වා මෙම ජල කප්පාදුව ක්රියාත්මක වන බවයි.මේ හේතුවෙන් රාජගිරිය, මොරගස්මුල්ල, නාවල සහ ඔබේසේකරපුර යන ප්රදේශවලට මෙන්ම කොළොන්නාව නගර සභා බල ප්රදේශයට ද නියමිත කාලය අවසන් වනතුරු ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.



























