පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩු කිහිපයක් සම්බන්ධයෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.ඒ අනුව, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 06 වැනිදා දක්වා සහ එයාර්බස් ගනුදෙනු විමර්ශනයට අදාළව ඔක්තෝබර් 13 වැනිදා දක්වා ඔහු බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.අල්ලස් කොමිසම විසින් ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පවරන ලද නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර ඇති නාමල් රාජපක්ෂ මහතා, අද (29) උදෑසන දැඩි ආරක්ෂාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග ලබා දී ඇත.



























