නියමිත බර ප්රමාණයට නොමැතිව පාන් අලෙවි කිරීම සහ බර මෙන්ම මිල ප්රදර්ශනය නොකිරීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර තිබේ. මෑතකදී සිදුකළ වැටලීම්වලදී බර අඩු පාන් සම්බන්ධ සිදුවීම් රැසක් අනාවරණය වී ඇති අතර, වෙළඳසැල් මෙන්ම ඊට අදාළ බේකරි නිෂ්පාදකයින් ද පරීක්ෂාවට ලක් කර ඇත.මෙම මෙහෙයුම්වලදී වැරදිකරුවන් වන නිෂ්පාදකයින් සහ වෙළෙඳුන් සම්බන්ධයෙන් ප්රමාණවත් සාක්ෂි මත මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව එම අධිකාරිය පවසයි. පාරිභෝගික ජනතාවට නියමිත ප්රමිතියෙන් හා බරින් යුතු භාණ්ඩ ලබා දීම තහවුරු කිරීම සඳහා මෙම නිරීක්ෂණ වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව ක්රියාත්මක වේ.



























