නිෂ්ඵල ව්‍යාපෘති රට බංකොලොත් කළ බව විපක්ෂ නායක කියයි

රට බංකොලොත් වීමට හේතුව කිසිදු ප්‍රයෝජනයක් නොමැති සංවර්ධන ව්‍යාපෘති මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 215 වැනි අදියර යටතේ හම්බන්තොට වීරකැටිය – හිඟු‍රමුලන ශ්‍රී පේමානන්ද කණිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (31) එක්වෙමින්.

ඇතැම් දේශපාලනඥයන් කථාවට දක්ෂ වුවද වැඩක් සිදු නොකරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඔහු කියා සිටියේ එවැනි කතාවලට ජනතාව රැවටීම කණගාටුවට කරුණක් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *