නොච්චියාගම පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීමේ චෝදනාව මත 38 හැවිරිදි පුද්ගලයෙකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම අපරාධය සිදුකර ඇත්තේ 2026 අප්‍රේල් මස 30 වන දින නොච්චියාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළවය. දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඊයේ රාත්රියේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සිදුවීමට අදාළ ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර පරීක්ෂණ නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් දැනට සිදු කරගෙන යනු ලබයි.



























