ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් සමාජය වඩාත් සක්‍රීයව දායක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ මාධ්‍ය යන කුළුණුවලට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පස්වැනි කුළුණ ලෙස සිවිල් සමාජය පෙළගැසිය යුතු බවයි. මේ අනුව, රටේ සියලු සිවිල් බලවේග පොදු ජාතික අරමුණක් වටා ඒකරාශී කරවන නවතම ජාතික මෙහෙයුම හෙට (06) පෙරවරුවේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.මූලික අයිතිවාසිකම් පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැම් පාර්ශව සිවිල් සහ දේශපාලන අයිතීන් ගැන පමණක් කතා කරන විට, තවත් පිරිසක් ආර්ථික හා සුබසාධන අයිතීන්ට පමණක් බර තබන බවයි. එහෙත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මේ සියලු අයිතිවාසිකම් එක හා සමානව වැදගත් වන බැවින්, මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් මත පිහිටා සමගි ජන බලවේගය එම සියලු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු සඳහන් කළේය. යෝජිත නව සංවිධානය කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව, අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ආර්ථික නිදහස දිනා දීම වෙනුවෙන් ද එකලෙස ක්‍රියා කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.දේශපාලන න්‍යාය පත්‍රවලින් ඔබ්බට ගිය, රටේ ව්‍යුහාත්මක පාලන අර්බුදයන්ට විසඳුම් සෙවිය හැකි ප්‍රගතිශීලී වේදිකාවක් ලෙස මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරති. ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව සියලු සිවිල් ක්‍රියාකාරීන්ට මෙහිදී අදහස් දැක්වීමට සමාන අවස්ථා හිමි වේ. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම දේශීය වටපිටාවට බද්ධ කරමින් දියත් වන මෙම සුවිශේෂී ජාතික සංවිධානය, රටේ ඉදිරි සමාජීය සහ ආර්ථික ස්ථාවරත්වය තීරණය කරන ප්‍රබල බලවේගයක් වනු ඇති බව විශ්වාස කෙරේ.

























