ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයෑම් රතු නිවේදන (මට්ටම 3) අද (27) පස්වරු 4 දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.​මීට අමතරව, ගාල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ද 2 සහ 1 වන අනතුරු ඇඟවීමේ මට්ටම් යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත. නායයෑම් ලක්ෂණ පෙනෙන්නට ඇත්නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවට දැඩිව අවධාරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *