ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (07) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රජාව සැමවිටම කල්පනාකාරී වන ලෙස ඉල්ලා සිටී.සූර්යයා දකුණට ගමන් කිරීමේ දෘශ්‍ය ගමන් මාර්ගයත් සමඟ, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ හිරු ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ මතින් සෘජුවම ඉහළින් පවතී. ඒ අනුව, අද දහවල් 12:08ට ගාල්ල, අංගුළුගහ, ඉමදූව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.



























