ප්‍රාථමික අධ්‍යාපනය සවිබල ගැන්වීම අත්‍යවශ්‍යයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

අනාගත පරපුරට සාර්ථක නායකත්වයක් ලබා දීම සඳහා ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම දරුවන්ට ක්‍රීඩා සහ සෞන්දර්ය විෂයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. පොල්පිතිගම ජාතික පාසලේ පැවති ‘පුංචි හපන්නු 2026’ සාහිත්‍ය කුසලතා ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය. මෙම වැඩසටහන පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 49ක දරුවන්ගේ සහභාගීත්වයෙන්, තරග අංශ 17ක් යටතේ පැවැත්විණි.​මෙහිදී දක්ෂතා දැක්වූ සිසු දරුවන් ඇගයීමට ලක් කිරීම සිදු වූ අතර, අධ්‍යාපනය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම්වල සමබරතාවය දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට ඉවහල් වන අයුරු අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීම සඳහා මෙවැනි වේදිකා සැකසීමේ අවශ්‍යතාවය ද ඇය මෙහිදී සිහිපත් කළාය.​තවද, අග්‍රාමාත්‍යවරිය පොල්පිතිගම මකුල්පොත මහා විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමට ද එක් විය. රුපියල් මිලියන 45ක වියදමින් සිදු කෙරෙන මෙම ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ නිම කිරීමට නියමිත අතර, ලබන වසරේ ජනවාරි මාසයේ සිට සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එය විවෘත කිරීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *