පාකිස්තාන T20 සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිරිමි සංචිතය තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජනවාරි 7, 9 සහ 11 යන දිනවලදී මෙම තරග පැවැත්වීමට නියමිතය.​නම් කරන ලද සංචිතයට පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ නායක දසුන් ශානක ඇතුළත් වේ. මීට අමතරව ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රැවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග යන ක්‍රීඩකයින් මෙම ශක්තිමත් සංචිතයට ඇතුළත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *